ටකහාමා න්‍යෂ්ටික බලාගාරයේ ඒකකයක් වැසේ


අසාමාන්‍යතාවයක් හඟවන අනතුරු ඇඟවීමකින් පසු එය ස්වයංක්‍රීයව වසා දමන ලදී. 

.

කන්සායි විදුලි බල සමාගමේ ටකහාමා න්‍යෂ්ටික බලාගාරයේ ඒකකයක් අසාමාන්‍යතාවයක් හඟවන අනතුරු ඇඟවීමකින් පසු ස්වයංක්‍රීයව වසා දමන ලදී.  

එහි ප්‍රතික්‍රියාකාරකයේ න්‍යෂ්ටික විඛණ්ඩනයට හේතු වන නියුට්‍රෝන ප්‍රමාණය සැලකිය යුතු ලෙස අඩු වී ඇති බව අනතුරු ඇඟවීමේ සංඥාව පෙන්නුම් කර තිබේ.

කෙසේවෙතත් මෙහි සිසිලනය සාමාන්‍ය පරිදි සිදු කෙරෙන අතර විකිරණශීලී ද්‍රව්‍ය පිටතට කාන්දු නොවන බැවින් පරිසරයට කිසිදු බලපෑමක් සිදු නොවේ.  

 

123 Views

Comments