සෝස් බෝතලය ලෙව කෑ පුද්ගලයාට එරෙහිව Sushiro Gifu Masaki නීතිය ඉදිරියට


Sushiro Gifu Masaki වෙළඳසැලේ පාරිභෝගිකයෙකු මේසය මත ඇති සෝයා සෝස් බෝතලය ලෙවකන ඡායාරූපයක් අන්තර්ජාලය හරහා සංසරණය වී තිබේ.

.

Gifu නගරයේ Sushiro Gifu Masaki වෙළඳසැලේ එක් පාරිභෝගිකයෙකු මේසය මත ඇති සෝයා සෝස් බෝතලයක් සහ භාවිතයට නොගත් තේ කෝප්පයක් ලෙවකන ඡායාරූපයක් අන්තර්ජාලය හරහා සංසරණය වී තිබේ.

මෙයට ප්‍රතිචාර දක්වමින් සමාගම පැවසුවේ මෙය ආහාර සුරක්ෂිතතාවයට තර්ජනයක් වන ක්‍රියාවක් වන අතර අපරාධ සහ සිවිල් යන දෙඅංශයෙන්ම අදාල පුද්ගලයාට එරෙහිව කටයුතු කරන බවයි.

එමෙන්ම Gifu Masaki වෙළඳසැලේ ඇති සියලුම තේ කෝප්ප සෝදා සෝයා සෝස් බෝතල් ප්‍රතිස්ථාපනය කිරීමට සමාගම කටයුතු කර ඇත.  

78 Views

Comments