ජපන් තල්මසුන් දඩයම් කරන්නෙකු සංරක්ෂණවාදීන්ගේ විරෝධතා මධ්‍යයේ සිය නිෂ්පාදන ප්‍රවර්ධනය කිරීමට වසර ගණනාවක් අරගල කිරීමෙන් පසුව ගනුදෙනුකරුවන් සහ විකුණුම් වැඩි කිරීමට නව ක්‍රමයක් සොයාගෙන ඇත.
එනම් තල්මසුන්ගේ මාංශ විකුණුම් යන්ත්‍රයි.
ඒ අනුව තෝකියෝ අසල යොකොහාමා වරාය නගරයේ මෑතකදී විවෘත කරන ලද මිනිසුන් රහිත අලෙවිසැලක් වන කුජිරා වෙළඳසැලේ තල්මස් සෂිමි, තල්මස් බේකන්,සහ තල්මසුන්ගේ මස් සඳහා යන්ත්‍ර තුනක් මෙන්ම ටින් කළ තල්මසුන්ගේ මස් ද ඇත.
මිල ගණන් යෙන් 1,000 ($7.70) සිට යෙන් 3,000 දක්වා පරාසයක පවතී.
තල්මසුන්ගේ මස් දිගු කලක් තිස්සේ මතභේදයට තුඩු දී ඇති නමුත් නව විකුණුම් යන්ත්‍රවල අලෙවිය හොඳ ආරම්භයක් ලබා ගෙන ඇති බව ක්‍රියාකරු පවසයි.