Gakuyo කනිෂ්ඨ උසස් පාසලේ ගින්නක්


ගින්නෙන් ආහාර පිසින කාන්තාව පිළිස්සුම් තුවාල ලබා ඇත.

.

අද(03) පෙරවරු 8:55 ට පමණ Shizuoka ප්‍රාන්තයේ Fuji නගරයේ  Denpo හි Gakuyo කනිෂ්ඨ උසස් පාසලේ පළමු මහලේ ආපනශාලාවේ ගින්නක් හටගෙන තිබේ.

මිනිත්තු 45 කට පමණ පසු ගින්න නිවා දමා ඇති අතර 59 හැවිරිදි ආහාර පිසින කාන්තාව පිළිස්සුම් තුවාල ලබා ඇති බව ප්‍රාදේශීය ගිනි නිවන භටයින් පවසයි.  

ගින්න ඇතිවූ වහාම සියලුම සිසුන් පාසල් ක්‍රීඩාංගණය වෙතට යවන ලද අතර සිසුන් අතරින් 14 දෙනෙකු සහ සූපවේදිනියන් හය දෙනෙකු අසනීප තත්ත්වයෙන් පසුවන බව පැවසේ.

 

109 Views

Comments