අත්වැරදීමකින් පාසල් බස් රථයකට වෙඩි තැබූ දඩයක්කරු පොලිස් භාරයට


ඔහු සකුරා නගරයේ පදිංචි 52 හැවිරිදි පුද්ගලයෙකි.

.

ඊයේ(04) උදෑසන 7:45 ට පමණ චිබා ප්‍රාන්තයේ ඉචිහාරා නගරයේ ඔගිසාකු හි පිට්ටනියක කුරුල්ලන් දඩයම් කරමින් සිටි චිබා ප්‍රාන්තයේ සකුරා නගරයේ පදිංචි 52 හැවිරිදි පුද්ගලයෙක් ඒ අසලට පැමිණි සත්වයෙකුට වෙඩි තැබීය. 

වෙඩි තැබූ උණ්ඩය ඉලක්කය වැරදී ඒ අසලින් ගමන් කරමින් තිබූ පාසැල් බසයක වම් ඉදිරිපස දොරටුවේ වැදී ඇත.  

බස් රථයේ සිටි පෞද්ගලික උසස් පාසල් සිසුන් 24 දෙනාට සහ රියදුරුට තුවාල සිදුවී නොමැත.

ගිනි අවි සහ කඩු පනත උල්ලංඝනය කළ බවට සැකපිට මෙම පුද්ගලයාව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

119 Views

Comments