බොහෝ නිරිතදිග ආසියානු රටවල් මේ වන විට කොරෝනා වසංගතය හේතුවෙන් ඔවුන් පනවා තිබූ දේශ සීමා සංචාරණ නීති ලිහිල් කරමින් පවතින බව ආරංචි මාර්ග පවසයි. මෙහි මූලික පරමාර්ථය වන්නේ කොරෝනා වසංගතය නිසා කඩා වැටුණ ආර්ථිකයන් නැවත ගොඩගැනීම බව විද්වතුන්ගේ අදහසයි.
පසුගිය බ්රහස්පතින්දා දින පිලිපීනය විදේශිකයන්ට තම දේශ සීමා විවෘත කළ අතර ලොව පුරා රටවල් 150කින් සහ ප්රාන්තවලින් ඒ රටට ඇදී එන එන්නත් සියල්ලම ලබාගත් corona නොවැළඳුණු පුද්ගලයන් නිරෝධායනය ද විය යුතු නොමැතිබව ඔවුන් නිවේදනය කර තිබිණි.
මේ අතර මැලේසියාව ද එළඹෙන මාර්තු පළවෙනිදා සිට විදේශිකයන්ට තම රට සම්පූර්ණයෙන් විවෘත කිරීමට බලාපොරොත්තුවෙන් සිටී.