23 හැවිරිදි තරුණියකට අයත් කාන්තා යට ඇඳුම් වර්ග තිස් දෙකක් පමණ ලොන්ඩරිය කින් සොරකම් කළ 61 හැවිරිදි පුද්ගලයෙකු yokohama ප්රාන්ත පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම තරුණිය ටික මොහොතකට ලොන්ඩරිය වසා දමා බැහැරට ගිය අවස්ථාවකදී පසුගිය ජනවාරි දොළොස් වන දා පස්වරු 1 හා 1.20අතර කාලයේදී Yoichi Horie නම් මෙම පුද්ගලයා එම ලොන්ඩරියෙන් යෙන් 5800ක් පමණ වූ යට ඇඳුම් තොගයක් සොරාගෙන ඇත.
එහි සවිකර තිබූ ආරක්ෂිත කැමරා දර්ශන මගින් එම පුද්ගලයා හඳුනා ගෙන අත්අඩංගුවට ගෙන ඇති අතර සොරකම් කළ ඇඳුම් ඔහුගේ වාසස්ථානයේ තිබී සොයාගෙන ඇත.