උද්‍යානයක ක්‍රීඩා කරමින් සිටි ළමයෙකුට පහරදුන් අයෙක් අත්අඩංගුවට


ඔහු පාසල් සිසුවෙකුගේ ගෙල අල්ලා හිසට පහර දී ඇති බවට සැක කෙරේ. 

.

ඊයේ(05)Kanagawa ප්‍රාන්ත පොලිසියේ කොනන් පොලිස් ස්ථානය විසින් යොකොහාමා නගරයේ කොනන් වෝඩ් ප්‍රදේශයේ උද්‍යානයක සිටි ළමයෙකුගේ හිසට පහර දී තුවාල කිරීම සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයෙකු අත්අඩංගුවට ගන්නා ලදී.

මෙම පුද්ගලයා උද්‍යානයේ ක්‍රීඩා කරමින් සිටි 9 හැවිරිදි තුන්වන වසරේ ප්‍රාථමික පාසල් සිසුවෙකුගේ ගෙල අල්ලා හිසට පහර දී ඇති බවට සැක කෙරේ.  

ඔහු මෙම ප්‍රහාරය අර්ධ වශයෙන් ප්‍රතික්ෂේප කර ඇති අතර පවසා ඇත්තේ ළමයාගේ හිසට ගැසූ නමුත් බෙල්ලෙන් අල්ලා ගත්තේ නැති බවයි.

130 Views

Comments