Omaezaki Port Biomass Power Plantහි සේවකයෙක් ජීවිතක්ෂයට


තවත් පුද්ගලයින් 10 දෙනෙකු බරපතල තුවාල ලබා ඇත.

.

ඊයේ(06) සවස 4:25 ට පමණ Shizuoka ප්‍රාන්තයේ Omaezaki නගරයේ Omaezaki Port Biomass Power Plant හි ඔක්සිජන් සාන්ද්‍රණය පහත වැටී තිබේ.

මේ හේතුවෙන් එහි සේවය කල 71 හැවිරිදි පුද්ගලයෙකු මියගොස් ඇති අතර තවත් පුද්ගලයින් 10 දෙනෙකු බරපතල තුවාල ලබා ඇත.

Omaezaki නගරයේ ගිනි නිවීමේ දෙපාර්තමේන්තුව සහ අනෙකුත් මූලාශ්‍රවලට අනුව එම අවස්ථාවේ පිරිමි කම්කරුවන් දෙදෙනෙකු ටැංකිය තුළ වෙල්ඩින් කරමින් සිට ඇති අතර අවට ප්‍රදේශයේ ඔක්සිජන් සාන්ද්‍රණය පහත වැටී ඇතැයි විශ්වාස කෙරේ.  අනතුරට හේතුව පිළිබඳව ප්‍රාන්ත පොලිසිය පරීක්ෂණ පවත්වයි.

 

67 Views

Comments