ධීවර පනත උල්ලංඝණය කළ දෙදෙනෙක් අත්අඩංගුවට


බ්ලූෆින් ටූනා මාලු ටොන් 18 ක් ගැන ප්‍රාන්ත රජයට වාර්තා කිරීමට අපොහොසත් වූ බවට සැක කෙරේ.

.

අද(07) උදෑසන Amori ප්‍රාන්ත පොලිසිය විසින් ධීවර පනත උල්ලංඝණය කළ බවට සැකපිට පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත

අදාල සැකකරුවන් දෙදෙනා ඕමා නගරයේ ධීවරයින් සමඟ එක්ව 2021 ජූලි සහ සැප්තැම්බර් අතර අමෝරි ප්‍රාන්තයේ වෙරළට ඔබ්බෙන් අල්ලා ගත් බ්ලූෆින් ටූනා ටොන් 18 ක් ගැන ප්‍රාන්ත රජයට වාර්තා කිරීමට අපොහොසත් වූ බවට සැක කෙරේ.

ධීවරයින් 20 ක් පමණ  මෙම පුද්ගලයන් දෙදෙනාට ටූනා මාළු අලෙවි කර ඇති අතර ඔවුන් කවුරුන්ද යන්න සොයා විමර්ශන සිදුකෙරේ.

118 Views

Comments