මාසයක් ඇතුළත කෝලා හතරක් මිය යයි


මෙලෙස මියගියේ කගෝෂිමා නගරයේ සත්වෝද්‍යානයක සිටි කෝලා පැටවුන් 4 දෙනෙකි

.

කගෝෂිමා නගරයේ සත්වෝද්‍යානයක සිටි කෝලාවන් හතරක් නියුමෝනියාව හේතුවෙන් කෙටි කාලයක් තුළ මිය ගියහ.

සැප්තැම්බර් මැද භාගයේදී, Hirakawa සත්වෝද්‍යානයේ Kanae නම් වූ 1 හැවිරිදි ගැහැණු කෝලාට නාසයෙන් දියර ගැලීමක් ඇති විය. ප්‍රතිජීවක ඖෂධ සමඟ ප්‍රතිකාර කිරීමෙන් පසුව ඇය සුවය ලැබූ නමුත් ආසාදනය අනෙකුත් කෝලා වෙත පැතිර ගියේය.

තායිචි, 10 හැවිරිදි පිරිමි කෝලාවෙකු සැප්තැම්බර් 29 වන දින මිය ගිය අතර, ඔක්තෝබර් මාසයේදී ගැහැණු කෝලා දෙදෙනෙකු මිය ගියේය. පසුව, නොවැම්බර් 6 වන දින, 1 හැවිරිදි තවත් ගැහැණු කෝලාවෙකු මිය ගියේය.

ජපානයේ වැඩිම කෝලා පැටවුන් සංඛ්‍යාවක් ඇත්තේ ද මෙම සත්වෝද්‍යානය තුළය. සත්වෝද්‍යානයේ අධ්‍යක්ෂ අකිරා ෆුකුමෝරි පැවසුවේ  මෙම කෝලාවන් 4 දෙනාගේ මරණය පිළිබඳ පුළුල් විමර්ෂණයක් සිදු කරන බවයි

127 Views

Comments