තුර්කියට ජපානයෙන් ආධාර


තුර්කියේ ඇතිවූ භූකම්පනයෙන් මියගිය සංඛ්‍යාව 15,000 ඉක්මවා ඇත.

.

ජපාන අග්‍රාමාත්‍ය Fumio Kishida පෙරේදා(08) පැවසුවේ තුර්කියේ ඇතිවූ භූකම්පනයෙන් මියගිය සංඛ්‍යාව 15,000 ඉක්මවා ඇති බැවින් විපතට පත් ප්‍රදේශවලට අමතර ආධාර සැපයීමට ජපන් රජය සැලසුම් කරන බවයි.

ජපානයේ ආපදා සහන ගලවා ගැනීමේ කණ්ඩායම තුර්කියේ දකුණු පළාතේ කහරමන්මාරස් හි වැඩ ආරම්භ කර ඇති අතර කිෂිඩා පාර්ලිමේන්තු සැසියකදී පැවසුවේ ජනතාවගේ අවශ්‍යතා අනුව අවශ්‍ය ආධාර යැවීමට සලකා බලන බවයි.

එමෙන්ම ජපානයේ ප්‍රධාන කැබිනට් ලේකම් Hirokazu Matsuno මාධ්‍ය හමුවකදී කියා සිටියේ තුර්කියට මානුෂීය ආධාර සැපයීමට ද සලකා බලමින් සිටින බවයි.

157 Views

Comments