කොරල්පර ආරක්ෂා කිරීමේ පෙරමුණේ සිටින ඉන්දුනීසියානු වෙරළාරක්ෂකයෝ


ඉන්දුනීසියානු වෙරල ආරක්ෂක හමුදාව කොරල්පර ආරක්ෂා කිරීමේ නිරත වේ

.

ඉන්දුනීසියාවේ නැගෙනහිර ප්‍රදේශය වන බටහිර Papua හි Raja Ampat දූපත් වල වෙරළබඩ ප්‍රජාව විසින් මානව ක්‍රියාකාරකම් නිසා තර්ජනයට ලක්ව ඇති කොරල්පර සංරක්ෂණය කිරීමේ සටනේ පෙරමුණ ගෙන කටයුතු කරමින් සමුද්‍රීය ජීවීන් වෙනුවෙන් ඉමහත් සේවයක් සිදු කරනු ලබයි. 

 

"රජවරු හතර දෙනෙක්" යන අරුත ඇති Raja Ampat යනු Batanta , Salawati , Misool සහ Waigeo යන විශාල දූපත් හතරකින් සමන්විත කොරල් ත්‍රිකෝණයේ හදවතයි. ලෝකයේ දැනට සොයාගෙන ඇති  කොරල් විශේෂවලින් 75%  පමණ මෙහි වාසය කරනු ලබයි .

 

පෘථිවියේ වඩාත් විශාලතම ජෛව විවිධත්වයෙන් යුත් සමුද්‍ර ප්‍රදේශය වන කොරල් ත්‍රිකෝණය මගින් රටවල් හයක මුහුදු ප්‍රදේශය ආවරණය කෙරේ. ඉන්දුනීසියාව, මැලේසියාව, පිලිපීනය, පැපුවා නිව්ගිනියාව, නැගෙනහිර ටිමෝරය සහ සොලමන් දූපත් යනු එම රටවල් හය වේ .

 

දේශගුණික විපර්යාස හේතුවෙන් ඔවුන්ගේ වාසභූමියට සිදුව ඇති අහිතකර බලපෑම්වලට අමතරව, මසුන් ඇල්ලීම වැනි විනාශකාරී මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් මෙහි කොරල්පර තර්ජනයට ලක්ව ඇති අතර මේ වනවිට ඉන්දුනීසියානුවන් කොරල්පර නැවත වගා කිරිමේ කටයුතුවල නිරත වී සිටී.

147 Views

Comments