Nishiyodogawa-ku හි මංකොල්ලකෑම් මාලාවක්


පුද්ගලයන් දෙදෙනෙකු විසින් වෙළඳසැල් 4ක් මංකොල්ල කා තිබේ.

.

අද(11) අලුයම ඕසකා හි Nishiyodogawa-ku හි වෙළඳසැල් හතරක මංකොල්ලකෑම් මාලාවක් සිදුවිය.  

පුද්ගලයන් දෙදෙනෙකු විසින් පිහියක් පෙන්වා කාර්ය මණ්ඩලය බියගන්වා මංකොල්ලකෑම් සිදුකර ඇත.

කෙසේවෙතත් කාර්ය මණ්ඩලයට හෝ ගනුදෙනුකරුවන්ට තුවාල සිදුවී නොමැත.  

ඒ අනුව මොවුන් එක් වෙළඳසැලකින් යෙන් 50,000ක් කොල්ල කා ඇති අතර සෙසු වෙළඳසැල් තුනකටද කඩා වැදුණු නමුත් වෙළඳසැල් ලිපිකරුවන් ඊට එරෙහි වූ නිසා කිසිවක් නොගෙන පලාගොස් තිබේ.

මෙම පුද්ගලයන් කළු පැහැති තොප්පි සහ කලිසම් ඇඳ වෙස්මුහුණු පැළඳ සිට ඇත.  

සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.

114 Views

Comments