මිට්සුබිෂි ශ්‍රී ලංකාව හැර යන පුවත සාවද්‍යයි!


මිට්සුබිෂී සමාගමෙන් විශේෂ නිවේදනයක් නිකුත් කෙරේ.

.

මෑතකදී ජනමාධ්‍ය තුළ වාර්තා වූ "ජපානයේ මිට්සුබිෂී කෝපරේෂන් ලංකාවෙන් ඉවත්වීමට තීරණය කරයි" යන පුවත සම්බන්ධයෙන්, ශ්‍රී ලංකාවේ මිට්සුබිෂී  වාහන සඳහා බලයලත් බෙදාහරින්නා වන යුනයිටඩ් මෝටර්ස් ලංකා පී. එල්. සී. සමාගම සිය පාරිභෝගිකයන්ට කරුණු  පැහැදිලි කිරීමක් සිදු කරයි.

ජපානයේ මිට්සුබිෂී මෝටර්ස් කෝපරේෂන් හා යුනයිටඩ් මෝටර්ස් ලංකා පී. එල්. සී. සමාගම අතර පවතින සම්බන්ධතාවයට කිසිදු බලපෑමක් සිදු නොවන බවත්, මිට්සුබිෂී මෝටර් රථ, අමතර කොටස් සහ අලෙවියෙන් පසු සේවාවන් සුපුරුදු පරිදි පාරිභෝගිකයන් වෙත ලබා දෙන බවත් එම සමාගම නිවේදනය කර සිටී.

 

222 Views

Comments