Kobe හි විවෘත වූ ළමා පොත් වනාන්තරය


පොත් බැහැරට ගෙන යාමට නොදෙන ඉතා විශාල පුස්තකාලයක් ආරම්භ වේ

.

ලෝක ප්‍රකට ගෘහ නිර්මාණ ශිල්පී Tadao Ando විසින් ඉදිකරන ලද "Kobe හි ළමා පොත් වනාන්තරය" පොත් බැහැර ගෙන යාමට නොදෙන ඒ වෙනුවට ප්‍රාදේශීය උද්‍යානය තුළට වී ළමයින්ට පොත් කියවීමට ඉඩ සලසා දෙන නව පුස්තකාලයක් වේ. 

 

මාර්තු මාසයේදී Hyogo ප්‍රාන්තයේ Kobe නගරයේ Chuo Ward හිදී විවෘත කරන ලද මෙම පුස්තකාලයේ "ජීවිතයේ වනාන්තරය" සහ "මුහුදෙන් ඔබ්බට වන වනාන්තරය" වැනි තේමා මගින් වර්ගීකරණය කර ඇති පොත් 18,000 ක් පමණ කියවීමට තබා තිබේ . 

 

පුස්තකාලයේ බිත්තිවල සවිකොට ඇති පොත් වලින් පිරුණු උස රාක්කවලින් ආවරණය වී දෑස් වැසිගිය ළමයින් "පොත් ගොඩක්!" සහ, "නියමයි!" යනුවෙන්  කෑගසා තම සතුට ප්‍රකාශ කලහ .

179 Views

Comments