හැලුණු "තටුව"...


ජපානයේ නරිටා අන්තර්ජාතික ගුවන් තොටුපළේ ගුවන් අනතුරු පරීක්ෂකවරයෙකු පැවසුවේ...

.

ජපානයේ නරිටා අන්තර්ජාතික ගුවන් තොටුපළේ ගුවන් අනතුරු පරීක්ෂකවරයෙකු පැවසුවේ, ජපාන නිපොන් ගුවන් සේවා සමාගමට අයත්  බෝයිං 747-8 වර්ගයේ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානාවක වම් පස තටුවේ කොටසක් අතුරුදන් වී ඇති බවයි.

මූලික පරීක්ෂණවලදී සනාථ වී ඇත්තේ, කිලෝ ග්‍රෑම් 60ක් පමණ වන මෙම කොටස ගුවන් යානයේ තටුවෙන් වෙන්වී ගිලිහී වැටී ඇත්තේ රාත්‍රී පියාසැරියකින් පසුව බවයි. චීනයේ ෂැංහයි අන්තර්ජාතික ගුවන් තොටින් 11 වනදා සවස නික්මී ඇති මෙම ගුවන් යානය නරීටා ගුවන් තොටුපළට ගොඩබා ඇත්තේ එදින රාත්‍රි 9.02 ට පමන වන අතර නරීටා නිලධාරීන් මෙම කොටස සොයා මෙහෙයුම් දියත් කිරීමට ගුවන් පථය පැය තුනකට අධික කාලයක් වසා දැමූ බවද වාර්තා වේ. 

Comments