දුම්රිය ස්ථානයේ හදිසි බොත්තම එබූ අයෙක් අත්අඩංගුවට


ඔහු හේතු රහිතව හදිසි බොත්තම ඔබා ඇත.

.

ඉඩම්, යටිතල පහසුකම්, ප්‍රවාහන හා සංචාරක අමාත්‍යාංශයේ කෝබේ ගුවන් ගමනාගමන පාලන දෙපාර්තමේන්තුවේ සේවකයෙකු කෝබේ නගරයේ චුඕ වෝඩ් හි හැන්ෂින් දුම්රියේ ස්ථානයේ හදිසි ඇමතුම් බොත්තමක් එබූ බව හ්යෝගෝ ප්‍රාන්ත පොලිසියේ ෆුකියායි පොලිස් ස්ථානය අද(13) ප්‍රකාශ කළේය.

දුම්රිය ධාවනයේ කිසිදු අසාමාන්‍යතාවයක් නොතිබුණද එයට වංචනික ලෙස බාධා කිරීම සම්බන්ධයෙන් සැකපිට 35 හැවිරිදි ඔහුව පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා ලදී.

ඔහු ඊයේ(12) රාත්‍රී 10.40 ට පමණ එම දුම්රිය ස්ථානයේ වේදිකාවේ ඇති හදිසි ඇමතුම් බොත්තම ඔබා දුම්රිය ස්ථානයෙන් පිටත්ව යන දුම්රිය දෙකක් මිනිත්තු කිහිපයක් ප්‍රමාද කරමින් ගමනාගමන කටයුතුවලට බාධා කර තිබේ.

82 Views

Comments