සීමාසහිත Kobayashi Pharmaceutical ඊයේ(13) නිවේදනය කළේ "Netsusama Sheet" සිසිලන පත්‍රය සහ වැසිකිලි සඳහා වන එයාර් ෆ්රෙෂ්නර් "Bluelet Okudake" ඇතුළු සමස්ත භාණ්ඩ 82ක මිල ගණන් මාර්තු මස 3 වනදා සිට 17%කින් ඉහළ නංවන බවයි.
ගෝලීය අමුද්‍රව්‍ය මිල ඉහළ යාමේ බලපෑම් සහ යෙන් අවප්‍රමාණය වීම හේතුවෙන් සමාගමට නිෂ්පාදන පිරිවැය තවදුරටත් දරාගත නොහැකි වීම මෙයට හේතුවයි.
අදාල භාණ්ඩ 82 හැරුණු විට තවත් භාණ්ඩ 11 ක මිලද සැලකිය යුතු ලෙස ඉහළ යනු ඇත.