22 වන සියවසේදී තවත් රත්වන ජපානය..


ජපාන කාලගුණ විද්‍යා හා පර්යේෂණ ඒජන්සිය පසුගිය කාලය පුරා සිදුකරන ලද පරීක්ෂණ ගණනාවක...

.

ජපාන කාලගුණ විද්‍යා හා පර්යේෂණ ඒජන්සිය පසුගිය කාලය පුරා සිදුකරන ලද පරීක්ෂණ ගණනාවක  දත්ත වාර්තා උපයෝගී කරගෙන හෙළිකර සිටියේ, 21 වන සියවස් අවසන් වන විට වනවිට ජපානයේ මධ්‍යන උෂ්ණත්වය සෙල්සියස් අංශක 4.6 කින් තවත් ඉහළ යා හැකි බවයි.

මීට අමතරව, සාමාන්‍ය දෛනික වර්ෂාපතනය ද මිලි මීටර් 100 දක්වා ඉහළ යා හැකි බව ද ඔවුන් විසින් අනතුරු අඟවා තිබේ. ඔවුන්ගේ දත්ත එකතු කිරීම අනුව, පසුගිය සියවසේදී ජපානයේ මධ්‍යන උෂ්ණත්වය සෙල්සියස් අංශක  1.3කින් ඉහළ ගොස් ඇති බව පෙන්වා දී තිබේ. තවද වර්ෂ 2076 සිට 2095 දක්වා කාලය තුළ ගෝලීය උෂ්ණත්වයද සෙල්සියස් අංශක 4 කින් ඉහළ යා හැකි බව ඔවුන් අනතුරු අඟවා තිබේ.

Comments