ගොඩනැගිල්ලකට ගිනි තැබූ අයෙක් අත්අඩංගුවට


ඔහු මොරියාමා නගරයේ පදිංචි තඩාෂි ටකයානාගි නම් පුද්ගලයෙකි.

.

පසුගිය 17 වන දින ෂිගා ප්‍රාන්ත පොලිසියේ මොරියාමා පොලිස් ස්ථානය විසින් මොරියාමා නගරයේ පදිංචිව සිටි රැකියා විරහිත තඩාෂි ටකයානාගි නම් පුද්ගලයෙකු ගොඩනැගිල්ලකට ගිනි තැබීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

ඔහු එදින පස්වරු 1.30 සිට 2:15 පමණ දක්වා දෙමහල් නිවාසයක තම කාමරයේ පුවත්පත්වලට ගිනි තබා අල්මාරියට සහ අනෙකුත් භාණ්ඩවලට හානි කළ බවට සැක කෙරේ.  

මෙම මහල් නිවාසයේ කාමර අටක පුද්ගලයන් 16 දෙනෙකු සිට ඇතත් කිසිවෙකුට තුවාල සිදුවී හෝ ගින්න පැතිර ගොස් නැත.

 

124 Views

Comments