සුනඛයෙක් සපා කෑමෙන් කාන්තාවකට තුවාල


සුනඛයාගේ අයිතිකරු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

.

ඊයේ(20) කනගාවා ප්‍රාන්ත පොලිසියේ මිනාමි පොලිස් ස්ථානය විසින් යොකොහාමා නගරයේ මිනාමි වෝඩ්හි 66 හැවිරිදි රැකියා විරහිත පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

ඒ ඔහුගේ සුනඛයා විසින් මාර්ගයේ යමින් සිටි පුද්ගලයෙකු සපා කෑම සම්බන්ධයෙනුයි.

ඊයේ රාත්‍රී 10:40 ට පමණ ඔහු තම සුනඛයා වන ඇමරිකානු පිට් බුල් ටෙරියර් මාර්ගයේ වැටක ගැට ගසා තිබූ නමුත් පටිය ගැලවී ගොස් කාන්තාව සපා කා තිබේ.

මෙම සුනඛයා පසුගිය වසරේ දෙසැම්බර් සහ මේ වසරේ ජනවාරි මාසවලදී දෙවතාවක් මගීන් සපා කෑ බව පැවසෙන අතර පොලිසිය එම පුද්ගලයාට අවවාද කළේය.  

107 Views

Comments