සිය නිවසට ගිනි තැබූ අයෙක් අත්අඩංගුවට


ඔහු 36 හැවිරිදි රැකියා විරහිත පුද්ගලයෙකි.

.

කනගාවා ප්‍රාන්ත පොලිසියේ Tsurumi පොලිස් ස්ථානය විසින් ගොඩනැගිල්ලකට ගිනි තැබූ බවට සැකපිට 36 හැවිරිදි රැකියා විරහිත පුද්ගලයෙකු යොකොහාමා Tsurumi වෝඩ්හිදී අත්අඩංගුවට ගෙන ඇත.

පසුගිය 20 වැනිදා අලුයම 3.00 ට පමණ මෙම පුද්ගලයා තම නිවසෙහි දෙවැනි මහලේ පිහිටි ඔහුගේ කාමරයට ගිනි තබා ඇති අතර ගින්නෙන් මහල් නිවාසයේ කොටසක් පිළිස්සී ඇති බවට සැක කෙරේ.  

ඔහුගේ 36 හැවිරිදි බිරිඳ සුන්බුන් අතර මියගොස් සිටියදී සොයා ගන්නා ලදී.

එම පුද්ගලයා දුම ආඝ්‍රහණය කිරීමෙන් පසු රෝහලට ගෙන ගොස් ඇත.  

පසුව තමන් විසින්ම නිවසට ගිනි තැබූ බව පවසමින් ඔහු ඊයේ(22) චෝදනා පිළිගෙන ඇති බව සඳහන් වේ.

ගිනි තැබීමට හේතුව කුමක්ද යන්න පිළිබඳව සොයා පොලිසිය පරීක්ෂණ පවත්වයි.

 

117 Views

Comments