ජපානයේ Naruhito අධිරාජ්‍යයාගේ 63 වන උපන්දිනය අද(23) දිනට යෙදී තිබේ.
අද උදෑසන ඉම්පීරියල් මාලිගයේදී අධිරාජ්‍යයාගේ උපන් දිනය සැමරීම සඳහා උත්සවයක් පැවැත්විණි.
මේ සඳහා සහභාගී වීමට අයදුම්පත් හරහා තෝරාගත් පුද්ගලයින් 4,800 කට අවස්ථාව හිමි වී තිබුණි.
ඔහු සිංහාසනයට පත්වීමෙන් පසු සාමාන්‍ය ජනතාව අධිරාජ්‍යයාගේ උපන්දිනයට සහභාගී වන පළමු අවස්ථාව මෙය වේ.
මේ අනුව ඉම්පීරියල් මාලිගයේ ඉම්පීරියල් හවුස්හෝල්ඩ් ඒජන්සි ගොඩනැගිල්ල ඉදිරිපිට කාර්යාලයක්ද පිහිටුවා ඇති අතර ඕනෑම කෙනෙකුට ඒ හරහා අධිරාජ්‍යයාට තම සුභපැතුම් එක් කළ හැකිය.