තරුණ ගැහැණු ලමුන්  වීඩියෝ ගත කළ ගුරුවරයා අත්අඩංගුවට


මූලික පාසලක  නව යොවුන් වියේ ගැහැණු ළමුන් ඇඳුම් මාරු කිරීමේ කාමරයකදී  ඇඳුම් උනා දමන අවස්ථා  වීඩියෝ

.

මූලික පාසලක  නව යොවුන් වියේ ගැහැණු ළමුන් ඇඳුම් මාරු කිරීමේ කාමරයකදී  ඇඳුම් උනා දමන අවස්ථා  වීඩියෝ ගත කළ 46 හැවිරිදි ගුරුවරයකු ටෝකියෝ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

 

Koto ප්‍රදේශයේ පාසලක  ඉගැන්වීම් කටයුතු සිදු කරන Ken Kagashima නම් එම ගුරුවරයාගේ ස්මාට්  ජංගම දුරකථනයේ තිබී එවැනි වීඩියෝ පට දහඅටක් පොලිසියට සොයාගත හැකිව තිබේ.ඇතැම් ඒවා ඔහු 2018 වර්ෂයේ දී ලබාගත් ඒවා බව තහවුරු වී ඇත.

 

මෙම පුද්ගලයා සම්බන්ධව විමර්ශන කටයුතු ආරම්භ වී ඇත්තේ පාසලේ ගැහැණු දරුවකු  අදාළ ගුරුවරයා විසින් ස්පර්ශ කිරීමට තැත් කළා යැයි ඇය ලබාදුන් තොරතුරකට අනුව  පාසලේ විදුහල්පතිනිය විසින් ඔහු පිළිබඳව පොලිසියට පැමිණිලි කිරීමෙන් අනතුරුවය.

 

කෙසේ නමුත් අදාළ ගුරුවරයා ඔහුගේ නීතිඥවරයා නොමැතිව පොලිසිය ඉදිරියේ කිසිවක් පැවසීම ප්‍රතික්ෂේප කර තිබේ.

Comments