ජපානයේ වෙරළකට ගොඩ ගැසූ ගෝලයේ අභිරහස විසඳේ


එය නැවකට අයිති බෝයාවක් යැයි බලධාරීන් අනුමාන කරයි.

.

ජපානයේ මුහුදු වෙරළකට ගසාගෙන ඇවිත් තිබූ විශාල ගෝලය සම්බන්ධ අබිරහස සුළු මොහොතකට පෙර ඔවුන් විසඳීමට සමත් වී ඇත.

ඒ අනුව මෙය මුහුදේ ගමන් කළ නැවකට අයිති බෝයාවක් යැයි බලධාරීන් අනුමාන කරයි.

X ray පරීක්ෂණවලින් ගෝලයේ අභ්‍යන්තරය හිස් කුහරයක් බවද ඔවුන් සොයා ගන්නා ලදී.

මෙම ගෝලයේ පිටතින් කොකු වැනි යමක් සම්බන්ධ කිරීමට සිදුරු පවා ඇති නිසා මෙන්ම මෙය චීනයේ Nantong Yangfan නැමැති නැව් සමාගම නිර්මාණය කරන බෝයාවන් වලට අතිශය සමාන නිසා මේ නිගමනයට ඔවුන් එළැඹ ඇත.

181 Views

Comments