රුසියාවේ ජපන් සමාගම්වලින් 60% ක් මෙහෙයුම් අත්හිටුවයි


ඒ මොස්කව්හි යුක්‍රේන ආක්‍රමණය හේතුවෙනුයි.

.

මොස්කව්හි යුක්රේන ආක්‍රමණය හේතුවෙන් රුසියාවේ ජපන් සමාගම්වලින් සියයට 60කට වැඩි ප්‍රමාණයක් සිය මෙහෙයුම් අත්හිටුවා හෝ රටින් සම්පූර්ණයෙන්ම ඉවත් වී ඇත.

ජපාන විදේශ වෙළඳ සංවිධානය විසින් පසුගිය මාසයේ කරන ලද සමීක්ෂණයකට අනුව මෙය අනාවරණය වී ඇත.

ඒ අනුව 4%ක් දැනටමත් රුසියාවෙන් ඉවත් වී හෝ ඉවත් වීමට තීරණය කර ඇති අතර තවත් සියයට 17.2 ක් මෙහෙයුම් සම්පූර්ණයෙන්ම අත්හිටුවා ඇත.

එමෙන්ම සියයට 43.4 ක් ව්‍යාපාරික කටයුතු අර්ධ වශයෙන් අත්හිටුවා ඇති අතර තවමත් ව්‍යාපාර කටයුතු සාමාන්‍ය පරිදි කරගෙන යන්නේ සියයට 35.4ක් පමණයි.

 

90 Views

Comments