2022 වර්ෂය සඳහා samsung සමාගම විසින් ඔවුන්ගේ Galaxy S22 unpacked event එක පසුගිය පෙබරවාරි නම් වෙන දා පැවැත්විණි. මෙහිදී ඔවුන් Galaxy S22 මාදිලි නිල වශයෙන් වෙළෙඳ පළට හඳුන්වා දුන් අතර ඉන් ප්රධාන වශයෙන් Galaxy S22 සහ Galaxy S 22 Plus මාදිලි කාගේත් අවධානයට යොමු විය. තවද ඔවුන් stylus එකක් සමගින් එන Galaxy S22 Ultra මාදිලිය ද මෙහිදී හඳුන්වා දුන් අතර එය Note මාදිලියේ දුරකථනයකට වඩා ඔබ්බට ගිය අත්දැකීමක් පරිශීලකයාට ලබා දෙන බව ඔවුන් පවසයි .
Galaxy S22 Ultra
Galaxy S22 Ultra දුරකථනය පසුගිය වසරේ ඔවුන් හඳුන්වා දුන් Galaxy S21 Ultra දුරකතනයට අතිශය සමාන ලෙස නිර්මාණය වී ඇති නමුත් මිලි තත්පර 9ක පමණ ඉතාම කුඩා ප්රමාදයක් පමණයි මෙය S-Pen stylus එකත් එක්ක තිබෙන්නේ. මෙහි 108-megapixel ප්රධාන කැමරාව, 3x සහ 10x telephoto camera යුගළය, ultra-wide කැමරා එකක් වගේ ම විශේෂිත ලේසර් ෆෝකස් සෙන්සර් එකකුත් දැක ගැනීමට හැක.
ඊට අමතර ව වැඩි දියුණු කළ depth mapping සහිත portrait mode එක RAW shooting පහසුකම වැනි දේවල්ද එයට එක් ව තිබෙනවා.45W fast charge පහසුකමකුත් මේ වෙත එක්ව ඇත. මේ සියල්ල සහිත Galaxy S22 Ultra දුරකතනයේ 128GB මාදිලියේ ඇරඹුම් මිල අමෙරිකානු ඩොලර් 1,199ක් ලෙස සඳහන් වේ.