සම්මානලාභී ජපාන ගෘහ නිර්මාණ ශිල්පයාගේ නවතම ඉදිකිරීම


Arata Isozaki නව ආරක ගෘහ නිර්මාණයක් එළි දක්වයි

.

නිරිතදිග ජපානයේ Kitakyushu ප්‍රාන්ත නගරයේ Kokurakita Ward හි Verdant Katsuyama උද්‍යානයේ පිහිටා ඇති ජපාන ගෘහ නිර්මාණ ශිල්පය මැනැවින් විදහා දක්වන Kitakyushu සංකීර්ණයේ විශේෂම ලක්ෂණය වන්නේ වක්‍ර තඹ තහඩු යොදා ගනිමින් දර්ශනීය අයුරින් සෙවිලි කරන ලද Turquoise පැවතීමයි. 

 

වර්ෂ 1970 දී පමණ ලෝක ප්‍රකට ගෘහ නිර්මාණ ශිල්පී Arata Isozaki විසින් නිර්මාණය කරන ලද මෙම ව්‍යුහය තුළ පුස්තකාලයක්, ඉතිහාස කෞතුකාගාරයක් සහ ශ්‍රව්‍ය දෘශ්‍ය මධ්‍යස්ථානයක් දැකිය හැකි වන අතර Kitakyushu මධ්‍යම මහජන පුස්තකාලය සහ  සාහිත්‍ය කෞතුකාගාරය වර්ෂ 1975 දී විවෘත කර ජනතා අයිතියට පත් කරන ලදී.

 

මෙම ගොඩනැගිල්ලේ වක්‍රාකාර වහලවල එක් කොටසක් සමාන්තරව පිහිටා ඇති අතර aneky කොටසක වක්‍රව පිහිටා තිබේ . වර්ෂ 2013 දී නිෂ්පාදනය කරන ලද සංකීර්ණය  ජපන් චිත්‍රපටයක් වන "Toshokan Senso" (Library Wars) සහ එහි 2015 වසරේ අනුප්‍රාප්තිකය වන "Library Wars: The Last Mission" රූගත කිරීම සඳහා ද මෙම ගොඩනැගිල්ල යොදාගෙන ඇති බව සඳහන් වේ .

 

සමාන පරතරයකින් යුත් ආරුක්කු මෙම ගොඩනැගිල්ලේ වක්‍රාකාර වහලය සහ - සිවිලිමේ සෘජු කොටස් වලට සහය වන අතර අන්වායාම ලෙස පැතිරෙන බාල්ක එහි වක්‍ර කොටස් වලට සහය දක්වයි. ගොඩනැගිල්ලේ සාහිත්‍ය කෞතුකාගාර කොටස කෙළවරට වන්නට පිහිටි බිත්තියේ එඩෝ යුගයට අයත් (1603-1867) දාර්ශනික Miura Baien ගේ "Gengo" කෘතියෙන් ආභාසය ලත් නිර්මාණයක පැල්ලම් සහිත වීදුරු කවුළුවක් දක්නට ලැබේ 

121 Views

Comments