Yuzuru Hanyuගේ ඒක පුද්ගල ප්‍රසංගය අති සාර්ථකව පැවැත්වේ


තෝකියෝ ඩෝම් හි එවැනි සංදර්ශනයක් පැවැත්වූ පළමු අවස්ථාව එය විය. 

.

පසුගිය ගිම්හානයේදී පිරිමි ෆිගර් ස්කේටිං ඉසව්වෙන් පිට පිට ඔලිම්පික් රන් පදක්කම් දිනූ සහ වෘත්තීය මට්ටමට පත් වූ යුසුරු හන්යු ඊයෙ(26) තෝකියෝ ඩෝම්හිදී ඔහුගේ ඒක පුද්ගල ප්‍රසංගය වන "ගිෆ්ට්" පැවැත්වීය.

එය තෝකියෝ ඩෝම් හි එවැනි සංදර්ශනයක් පැවැත්වූ පළමු අවස්ථාව විය.  

පැය තුනක පමණ කාලය තුළ නරඹන්නන් 35,000 ක් ඉදිරිපිට ඔහු තම රංගනයන් ඉදිරිපත් කළේය.

මෙම ප්‍රසංගය රට පුරා සිනමාහල්වල පමණක් නොව හොංකොං, තායිවානය, දකුණු කොරියාව ආදී රටවලද සජීවීව විකාශය වූ අතර ජපානයේ සහ විදේශයන්හි 30,000ක පමණ පිරිසක් නරඹා ඇත.

 

119 Views

Comments