කතුරක් පෙන්වා මුදල් කොල්ල කෑ අයෙක් අත්අඩංගුවට


සැකකරු 21 හැවිරිදි තරුණයෙකි.

.

පසුගිය මාසයේදී 18 හැවිරිදි තරුණියකට කතුරක් පෙන්වා තර්ජනය කර ඇයගේ ස්මාර්ට් ජංගම දුරකථනය සහ මුදල් සොරකම් කළ 21 හැවිරිදි තරුණයෙකු තෝකියෝ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිසියට අනුව සිද්ධිය වී ඇත්තේ රාත්‍රී 10.30 ට පමණය.  ජනවාරි 17 වෙනිදා දැරිය ෂින්ජුකු වෝඩ්හි වීදියක් දිගේ ඇවිද යමින් සිටියදී Hibiki Miyakawa නම් සැකකරු  දැරියගේ බෙල්ලට කතුර තබා “මැරෙන්න නැතිනම් මුදල් දෙන්න” යැයි ඇයව බියගන්වා ඇත.  

පසුව ඔහු යෙන් 8,000 ක මුදල් සහ දැරියකගේ ස්මාර්ට් ජංගම දුරකථනය සොරකම් කර තිබේ.

 

112 Views

Comments