ජපානයෙන් ඇමරිකාවට කෲස් මිසයිල 400ක ඇනවුමක්


ජනපති කිෂිඩා ඊයේ මේ බව නිවේදනය කළේය.

.

ඊයේ(27) පැවති නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ අයවැය කමිටු රැස්වීමේදී අගමැති කිෂිඩා විසින් එක්සත් ජනපදයෙන් Tomahawk කෲස් මිසයිල 400ක් මිලදී ගැනීමට නියමිත බව නිවේදනය කළේය.  

එක්සත් ජනපද රජය හරහා ආරක්ෂක උපකරණ මිලදී ගැනීම සඳහා විදේශ හමුදා ආධාර (FMS) වැඩසටහන යටතේ මෙම වර්ෂයේදී එකවර ගිවිසුමක් අත්සන් කරනු ඇතැයි අපේක්ෂා කරන අතර 2026 මූල්‍ය වර්ෂයේ සිට උපකරණ මිළදී ගැනීම ක්‍රමානුකූලව සිදු කරනු ඇත.

Tomahawks 500ක් ලබාගැනීමට රජය සාකච්ඡා කරමින් සිටි නමුත් එක්සත් ජනපදයේ නිෂ්පාදන ධාරිතාව සැලකිල්ලට ගනිමින් ඔවුන් 400කට එකඟ විය. 

ආණ්ඩුව සිය 2011 මූල්‍ය අයවැය පනත් කෙටුම්පතේ දී ද Tomahawks මිළදී ගැනීම සඳහා යෙන් බිලියන 211.3 ක් වෙන් කළ නමුත් මිලදී ගැනීම් සංඛ්‍යාව හෙළි නොකළේය.

144 Views

Comments