සුප්‍රකට නොකියා සමාගමට නව මුහුණුවරක්


නොකියා සමාගම අලුත් වේ.

.

වසර හැටකට පසු ප්‍රථම වතාවට නොකියා ලාංඡනය වෙනස් කරමින් නව සන්නාම අනන්‍යතාවයක් සමග පාරිභෝගිකයන් හමුවට පැමිණීමට නොකියා සමාගම තීරණය කර තිබේ.

නව ලාංඡනය නොකියා යන වචනය සෑදෙන විවිධ හැඩතල පහකින් සමන්විත වන අතර, පැරණි ලාංඡනයේ ඇති සංකේතාත්මක නිල් වර්ණය අඩංගු නොවන බව සඳහන් වේ.

එම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී Pekka Lundmark සම්මුඛ සාකච්ඡාවකදී සඳහන් කර සිටියේ, වර්තමානය වන විට නොකියා සමාගම ව්‍යාපාරික තාක්ෂණ සමාගමක් දක්වා පරිවර්තනය වී ඇති බවයි.

 

83 Views

Comments