ජපානයේ ගොවිපල අපනයන ඵලදායිතාවය වාර්තාගත ලෙස ඉහළට


ජපානෙ අපනයන ආදායම ඉහළ යයි

.

වාර්තාගත ඉහළම අගයක් සනිටුහන් කරමින්, 2022 මූල්‍ය වර්ෂයේ පළමු මාස ​​හය තුළදී ජපානයේ කෘෂිකාර්මික සහ මුහුදු ආහාර අපනයනවල වටිනාකම වසරකට පෙර පැවැති අගය මෙන් 13.1 % කින් පුළුල් වී ඇති බව රජයේ දත්ත සිකුරාදා පෙන්වා දී තිබේ. 

 

වන විද්‍යා, කෘෂිකර්ම සහ ධීවර අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද දත්ත වාර්තා වලට අනුව පසුගිය "ජනවාරි-ජූනි"  දක්වා වූ කාලය තුළදී එක්සත් ජනපදයට සිදුකළ ශක්තිමත් නැව්ගත කිරීම් හේතුවෙන් අපනයන ආදායම යෙන් බිලියන 652.5 ලෙස ඉහළ යාම සිදුවී ඇත . 

 

එළැඹෙන 2025 වර්ෂය වන විට ජපානයේ වාර්ෂික කෘෂිකාර්මික සහ මුහුදු ආහාර අපනයනය යෙන් ට්‍රිලියන 2 දක්වාත්, 2030 වන විට යෙන් ට්‍රිලියන 5 දක්වාත් ඉහළ නැංවීමට ජපාන රජය විසින් සැලසුම් කර ඇති බව වාර්තා වේ.

Comments