ඊයේ(01) සවස 2:45 ට පමණ ඕසකා නගරයේ ඉකුනෝ වෝඩ්හි ටට්සුමි මිනාමි හි ඉකුනෝ අයිවා රෝහලට මෝටර් රථයක් කඩා වැදී ඇත.
එම අනතුරින් අසල සිටි වයස අවුරුදු 70 සහ 80 ගණන්වල කාන්තාවන් දෙදෙනකු මිය ගියේය.
ඕසකා ප්රාන්ත පොලිසියේ ඉකුනෝ පොලිස් ස්ථානය විසින් ඕසකා නගරයේ හිරානෝ වෝඩ් හි 71 හැවිරිදි කොරියානු ජාතික පුද්ගලයෙකු මෙම අනතුර සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇත.
අනතුර හේතුවෙන් අසළ තිබූ ගෑස් නලයකට හානි වී ගෑස් කාන්දුවක් සිදුවී ඇති අතර ඕසකා නගරයේ ගිනි නිවන ඒකකය එම ප්රදේශයට ප්රවේශ වීම තාවකාලිකව සීමා කළේය.