ජපන් මුහුදේ තායිවාන යාත්‍රාවක් පෙරළේ


යාත්‍රාවේ 7 දෙනෙකු සිට ඇත.

.

ඔකිනාවාකි ප්‍රාන්තයේ ඉෂිගාකි දූපතට කිලෝමීටර් 150ක් පමණ උතුරින් පිහිටි සෙන්කාකු දූපත් ආශ්‍රිත මුහුදේදී යාත්‍රාවක් පෙරළී ඇති බව ඊයේ(05) පස්වරු 1.30 ට පමණ ජපාන සමුද්‍රීය ආත්මාරක්ෂක බලකාය විසින් (JMSDF) 11 වැනි ප්‍රාදේශීය වෙරළාරක්ෂක මූලස්ථානයට දැනුම් දුන්නේය. 

ඉෂිගාකි වෙරළාරක්ෂක කාර්යාලයට අනුව මෙම යාත්‍රාව තායිවාන ධජය සහිත ධීවර යාත්‍රාවක් වන අතර තායිවාන ජාතිකයෙකු සහ ඉන්දුනීසියානුවන් හය දෙනෙකු එහි සිට ඇත.  

ඉන් දෙදෙනෙක් අතුරුදන් වී ඇති අතර වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව ඔවුන් සොයා සෝදිසි මෙහෙයුම් ආරම්භ කර ඇත.

 

126 Views

Comments