ගෘහස්ථ මංකොල්ලකෑම් ගැන අවධානයෙන් සිටින ලෙස ජනතාවට නිවේදනයක්


තෝකියෝ පොලිසිය වැඩිහිටි නිවැසියන්ට විශේෂයෙන් උපදෙස් ලබා දී තිබේ.

.

තෝකියෝ පොලිසිය විසින් මංකොල්ලකෑම්වලට ගොදුරු වීමෙන් වළක්වා ගැනීමට මිනිසුන්ට කළ හැකි දේ පිළිබඳව මහජනතාව දැනුවත් කිරීම සඳහා වැඩසටහනක් ආරම්භ කර තිබේ.

මෙම පියවර ගෙන ඇත්තේ පසුගිය ජනවාරි මාසයේදී කොමේ නගරයේ පිහිටි නිවසක ජීවත් වූ 90 හැවිරිදි කාන්තාවක් ඝාතනය කිරීම ඇතුළු ප්‍රදේශයේ මෑත කාලීනව ගෘහස්ථ මංකොල්ලකෑම්වල වැඩිවීමක් දක්නට ලැබීම හේතුවෙනුයි.

තම අසල්වැසි ප්‍රදේශයේ සැක කටයුතු ලෙස පෙනෙන අයකු දුටුවහොත් පැකිලීමකින් තොරව පොලිසියට දන්වන ලෙස නිලධාරීන් නිවැසියන්ගෙන් ඉල්ලා සිටී.

 

78 Views

Comments