පසුගියදා පැවති ජපාන විශ්වවිද්‍යාල පිවිසුම් විභාගයේ දී අදාල ප්‍රශ්න පත්‍රය ලීක් කළ බවට චෝදනා ලැබූ දහ නම හැවිරිදි ශිෂ්‍යාව පසුගිය වසරේත් එම ක්‍රියාව සිදුකර ඇති බව ප්‍රශ්න කිරීම් හමුවේ පිළිගෙන තිබේ.
එම දෙවතාවේම ඇයට yokohama ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි පද්ධති මෘදුකාංග ඉන්ජිනේරුවරයකු සහය ලබාදී තිබේ. මොහු ද ප්‍රශ්න කිරීම් සඳහා කැඳවා ගෙන තිබිණි.
නිවේදිකාවක් වීමේ බලාපොරොත්තුවෙන් ටෝකියෝ විශ්ව විද්‍යාලයට ඇතුළු වීමට ඇය මෙලෙස වංචා සහගත ක්‍රියාවක් සිදුකළ බවත් අන්තර්ජාලය ඔස්සේ හමුවූ එම මෘදුකාංග ඉංජිනේරුවරයාට දෙවතාවේම ඇය මෙම ක්‍රියාව සඳහා තියෙන ලක්ෂයක පමණ මුදලක් ගෙවා ඇති බවත් එහෙත් ඇයට සාර්ථක වීමට නොහැකි වූ බවත් එය පාපොච්චාරණය කර ඇත.