ජපානයේ සකුරා මල් වෙනදාට වඩා කලින් පිපෙනු ඇතැයි පුරෝකථනය කර ඇත.
මන්ද උණුසුම් කාලගුණය ඉදිරි දින කිහිපය තුළ රට පුරා පවතිනු ඇතැයි අපේක්ෂා කරන බැවිනි.
ජපානයේ කාලගුණ සංගමය පවසන්නේ සෝමී-යෝෂිනෝ නම් සකුරා ප්‍රභේදය මාර්තු 16 වන දින මධ්‍යම තෝකියෝ හි පිපීමට පටන් ගනු ඇති බවයි.
ඒ අනුව මාර්තු 18 නගෝයා නගරයේත්, මාර්තු 20 හිරෝෂිමා නගරයේත්, මාර්තු 22 ඔසාකා නගරයේත්, මාර්තු 29 සෙන්ඩායි නගරයේත්, අප්‍රේල් 26 සපෝරෝ නගරයේත් මල් පිපීම ආරම්භ වනු ඇතැයි ඔවුන් පුරෝකථනය කරයි.