මෙවර සකුරා පිපීම නියමිත කාලයට පෙර


උෂ්ණත්වය ඉහළ යාම මෙයට හේතුවයි.

.

ජපානයේ සකුරා මල් වෙනදාට වඩා කලින් පිපෙනු ඇතැයි පුරෝකථනය කර ඇත.

මන්ද උණුසුම් කාලගුණය ඉදිරි දින කිහිපය තුළ රට පුරා පවතිනු ඇතැයි අපේක්ෂා කරන බැවිනි.

ජපානයේ කාලගුණ සංගමය පවසන්නේ සෝමී-යෝෂිනෝ නම් සකුරා ප්‍රභේදය මාර්තු 16 වන දින මධ්‍යම තෝකියෝ හි පිපීමට පටන් ගනු ඇති බවයි.

ඒ අනුව මාර්තු 18 නගෝයා නගරයේත්,  මාර්තු 20 හිරෝෂිමා නගරයේත්, මාර්තු 22 ඔසාකා නගරයේත්,  මාර්තු 29 සෙන්ඩායි නගරයේත්, අප්‍රේල් 26 සපෝරෝ නගරයේත් මල් පිපීම ආරම්භ වනු ඇතැයි ඔවුන් පුරෝකථනය කරයි.

 

115 Views

Comments