චීනය ජපන් වැසියෙකු රඳවා තබා ගනී


චීන බලධාරීන් විසින් පනස් හැවිරිදි ජපාන වැසියකු චීනෙයේ ශැංහයි නුවර රඳවා තබා ගෙන ඇත. ජපාන විදේශ අමාත්‍යාංශය  පස

.

චීන බලධාරීන් විසින් පනස් හැවිරිදි ජපාන වැසියකු චීනෙයේ ශැංහයි නුවර රඳවා තබා ගෙන ඇත. ජපාන විදේශ අමාත්‍යාංශය  පසුගිය බ්‍රහස්පතින්දා පැවසූ පරිදි මෙම රඳවා තබා ගැනීමට පැහැදිලි හේතුවක්  ඔවුන් ඉදිරිපත් කර නැත.

 

වර්ෂ 2015 සිට මේ දක්වා චීනය විසින් මෙලෙස  ජපන් වාසීන් 16 දෙනෙකු පමණ රඳවා තබා ගෙන ඇති අතර  ඔවුන් ඒ සඳහා හේතු ලෙස ඉදිරිපත් කර ඇත්තේ  ඔත්තු බැලීම සහ තවත් චෝදනා කීපයකි. කෙසේ වෙතත් එයින් දහ දෙනකු පමණ අධි චෝදනා ලැබ ඇති අතර ඉතිරි පුද්ගලයන් හට වසර පහළොවකට ආසන්න කාලයක්  සඳහා සිර දඬුවම් නියම වී ඇත.

 

චීනය විසින් මෙලෙස  වෙනත් ජාතීන් ද  සිර කර රඳවා තබා ඇති අතර  මෙම තත්ත්වය වඩාත් ක්‍රියාත්මක වූයේ 2014 දී හඳුන්වා දුන්  ඔත්තු බැලීමට එරෙහි නීතිය සහ 2015 දී හඳුන්වා දුන් ජාතික ආරක්ෂාව පිළිබඳ නීතියත් සමගිනි 

Comments