හමුදා නිලධාරිනියකට ලිංගික අතවර කළ හමුදා නිලධාරීන් තිදෙනෙක් අත්අඩංගුවට


2021 වසරේ මෙය සිදුව ඇත.

.

කොරියාමා කඳවුරේ සේවය කළ හිටපු ගොඩබිම් ආත්මාරක්‍ෂක බළකායේ නිලධාරිනියක වූ රීනා ගොනෝයි පිරිමි සාමාජිකයන් තිදෙනෙකු විසින් ලිංගික අතවරවලට ලක්වී තිබේ.

ඒ අනුව එම චෝදනාව මත අදාල නිලධාරීන් තිදෙනා අත්අඩංගුවට ගැනුණි.

2021 අගෝස්තු 3 වන දින රාත්‍රියේ හොක්කයිඩෝ හි ගොඩබිම් ආත්මාරක්ෂක බලකා පුහුණු ක්‍රීඩාංගණයේ ගොඩනැගිල්ල තුළදී ඔවුන් මෙම අපරාධය සිදුකර තිබේ.

පුද්ගලයන් තිදෙනා රඳවා තබා ගැනීමකින් තොරව අධිචෝදනා ගොනු කිරීමෙන් පසුව GSDF හි Tohoku ප්‍රදේශයේ ප්‍රධාන අණදෙන නිලධාරි Naoki Kajiwara ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ, මෙවැනි සිද්ධීන් නැවත සිදුවීම වැළැක්වීම සඳහා දැඩිව ක්‍රියා කරන බවයි.

137 Views

Comments