නාගානෝහි දෙමහල් නිවසක ගින්නක්


ගින්නෙන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

.

ඊයේ(18) අලුයම නාගානෝ හි දෙමහල් නිවසක හටගත් ගින්නකින් තිදෙනෙකු මියගොස් ඇත.

හිටෝෂි නකමුරා, ඔහුගේ බිරිඳ, ඔවුන්ගේ දරුවන් දෙදෙනා සහ 90 හැවිරිදි ඔහුගේ මව පදිංචිව සිටි නිවසේ තිබී මළ සිරුරු තුනක් සොයාගෙන තිබේ.

ගින්නෙන් දරුවන් දෙදෙනා විශාල තුවාල නොමැතිව බේරී ඇත.  ගින්න පිළිබඳව ප්‍රදේශයේ ගිනි නිවන දෙපාර්තමේන්තුවට අලුයම 3.25 ට පමණ දැනුම් දී ඇත.

ප්‍රදේශවාසීන් පැවසූ පරිදි ගින්න පැය තුනකින් පමණ නිවා දැමීය.

 

102 Views

Comments