විවිධ හේතූන් මත නගරයෙන් පිට වෙසෙන එහෙත් කියොතෝ නගරයේ පිහිටි තම නිවාස ආරක්ෂා කිරීමට වෙහෙසෙන තරුණ පරපුරක් සිටියදී කියෝතෝ නගරය එහි පිහිටා ඇති හිස් නිවාස සහ නිවාඩු නිවාස සඳහා අමතර බද්දක් අය කිරීමට සැලසුම් කරමින් පවතී. නගරය තුළ දේපල සඳහා ඇති වෙළඳපල ඉහළ නැංවීමේ අරමුණින් කියොතෝ නගර සභාව මෙම තීරණය ගෙන ඇත.
මෙවැනි බද්දක් ජපානය තුළ අය කෙරෙන්නෙ ප්රථම වතාවට වන අතර මින් නගරය තුළ භාවිතයේ නැති දේපල 13000ත් 15000ත් අතර ප්රමාණයක් අරමුණු කරගෙන ඇත. එහෙත් සම්ප්රදායික වටිනාකමකින් යුක්ත machiya නමින් හඳුන්වන නගර නිවාස මෙම බද්දෙන් නිදහස් කර ඇත.
මිනිසුන් නිවාසතුල ජීවත් වීමෙන් ආර්ථිකමය හා සමාජීය දියුණුව ඇති වෙන බවත් ඒ හරහා සංස්කෘතිකමය වටිනාකම් ද වඩා වර්ධනය කර ගැනීමේ අරමුණින් මෙම ක්රියාමාර්ගය ගෙන ඇති බව මම අංශ මාර්ග පවසයි.