කියෝතෝ නගරයෙන් ඇරඹෙන නව බදු ක්‍රමයක්


හිස් නිවාස සහ නිවාඩු නිකේතන හිමිකරුවන්ගෙන් බදු අය කිරීමට රජය තීරණය කර තිබේ.

.

ජපානයේ අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය විසින් හිස් නිවාස සහ නිවාඩු නිකේතන හිමිකරුවන්ගෙන් බදු අය කිරීම සඳහා ඉදිරිපත් කරන ලද යෝජනාවක් අනුමත කිරීමට සූදානම් වන බව වාර්තා වේ.

ඒ අනුව මෙම බදු ක්‍රමය පළමුව කියෝතෝ නගරයෙන් ඇරඹීමට සැලසුම් කර තිබේ.

2026 දී හඳුන්වා දීමට නියමිත නව බද්ද කියෝතෝ හි නිවාස සුරක්ෂිත කිරීමට අරගල කරන තරුණ තරුණියන්ගේ නික්මයාම මධ්‍යයේ දේපල වෙලඳපොල නංවාලීම අරමුණු කරයි.  

මෙම බද්ද මගින් වාර්ෂිකව යෙන් මිලියන 950 ක පමණ ආදායමක් උපයා ගැනීමට රජය අපේක්ෂා කෙරේ.

ඒ අනුව කියෝතෝ නගර ආන්ඩුව ඇස්තමේන්තු කර ඇත්තේ වර්ග මීටර් 60ක විශාලත්වයකින් යුත් සහ විකිණීමට අපහසු අවුරුදු 40ක් පැරණි මහල් නිවාසයක බද්ද වසරකට යෙන් 24,000ක් පමණ වනු ඇති බවයි.

133 Views

Comments