නිරෝධායන කාලය පිළිබඳ නව වෙනස්කම්?


ජපානය තුළ දැනට නිර්දේශිත නිරෝධායන කාලසීමාවන් වල නව වෙනස්කම්...

.

ජපානය තුළ දැනට නිර්දේශිත නිරෝධායන කාලසීමාවන් වල නව වෙනස්කම් සිදු කිරීමේ අවශ්‍යතාවය පිළිබඳව නැවත සලකා බැලිය යුතු බව ජපාන කොවිඩ් මර්දන කමිටු ප්‍රධානී, Shigeru Omi පසුගියදා මාධ්‍යයට ප්‍රකාශ කළේය.

කොවිඩ් සමීප ආශ්‍රිතයන් සඳහා දැනට පවත්නා දින හතේ නිරෝධාන කාලසීමාව, අත්‍යවශ්‍ය සේවා සේවකයින් සඳහා දින පහ දක්වා අඩු කිරීමටත්, සාමාන්‍ය පුරවැසියන් සඳහා දින 6 දක්වා අඩු කිරීමටත් යෝජනා කිරීමේ වරදක් නැතැයි ඔහු පෙන්වා දෙයි. ඔමික්‍රොන් වෛරස පැතිරයාම වේගවත් වුවත් එය මිනිස් සිරුර තුල රැඳී පවත්නා සහ, වයිරසය තවකෙකුට මුදාහරින කාල සීමාව දින 3-4 අතර ඉතා කුඩා කාල පරාසයක් නිසා මෙකී නිරෝධායන කාල සීමාව අඩු කිරීම ප්‍රායෝගික බව ඔහුගේ අදහසයි.

162 Views

Comments