සෙන් (戦) අක්ෂරය  2022 වසරේ කන්ජි ලෙස තෝරා ගනී


28 වැනි වාර්ෂික මත විමසුම සඳහා තෝරා ගැනීම සිදුකර තිබෙනවා.

.

යුද්ධය හෝ සටන යන අර්ථය ඇති සෙන් (戦) මෙම වසරේ ජපානයේ සමාජ මනෝභාවයට අනුරූප වන චීන අකුර ලෙස තෝරාගෙන ඇති බව කියෝතෝ පදනම් වූ සංවිධානයක් ඊයේ(12) ප්‍රකාශ කළේය.

සාමාන්‍ය ජනතාව විසින් ප්‍රකාශ කරන ලද ඡන්ද මත පදනම්ව, Japan Kanji Aptitude Testing Foundation විසින් පවත්වනු ලබන 28 වැනි වාර්ෂික මත විමසුම සඳහා තෝරා ගැනීම සිදුකර තිබෙනවා.

පදනමට ලැබූ පිළිතුරු 223,700 අතරින්  සෙන් ඉහළම සංඛ්‍යාව ලෙස ඡන්ද 10,804ක් ලබාගන්නා ලදී. දෙවැන්න වූයේ ඡන්ද 10,616ක් ලබා ගත් දුර්වල යන අර්ථය ඇති යසු (安) ය.

191 Views

Comments