ගගනගාමී අපේක්ෂිකා යොනෙඩා අයු සිය වැඩ අරඹයි


යෝනෙඩා ශල්‍ය වෛද්‍යවරියක් ලෙස සේවය කළ අයෙකි.

.

ගගනගාමී අපේක්ෂිකාවක් වන යොනෙඩා අයු ඊයේ (03) ජපානයේ අභ්‍යවකාශ ඒජන්සියේ දී සිය වැඩ ආරම්භ කළේය.  

දක්ෂ ගගනගාමියෙකු වීමටත් අභ්‍යවකාශ කර්මාන්තය සහ තම රට ප්‍රවර්ධනය කිරීමටත් හැකි උපරිමය කරන බව ඇය පැවසුවාය.

ජපාන අභ්‍යවකාශ ගවේෂණ ඒජන්සිය හෙවත් JAXAහි ලාංඡනය ලැබීමෙන් පසු තමාට ආතතියක් සහ උද්යෝගයක් දැනෙන බවත් තම ජ්‍යෙෂ්ඨයන්ගෙන් බොහෝ දේ ඉගෙන ගනිමින් ඉදිරියට යාමට කැමති බවත් ඇය වැඩිදුරටත් පැවසුවාය.

වසර 14කට පසු JAXA හි පළමු තේරීම් වැඩසටහනේදී යොනෙඩා සහ සුව මැකෝටෝ ගගනගාමී අපේක්ෂකයින් ලෙස පෙබරවාරි මාසයේදී තෝරා ගන්නා ලදී.  යෝනෙඩා ශල්‍ය වෛද්‍යවරියක් ලෙස සේවය කළ අතර සුව ලෝක බැංකුවේ සේවකයෙකි.

වසර දෙකකින් ඔවුන් ගගනගාමීන් ලෙස නිල වශයෙන් පිළිගැනීමට නියමිතයි.

88 Views

Comments