ඕස්ට්‍රේලියාව නිජ භූමිය කරගත් සත්ව විශේෂයක් වන Wombat සත්වයින්ගේ වයස්ගතම සාමාජිකයා ලෙස ගිනස් වාර්තා පොතට එක්වීමට, ජපානයේ ඔසාකා හි Satsukiyama සත්වෝද්‍යානයේ වෙයින් (Wain) නම් සත්වයා සමත්වූ බව වාර්තා වෙයි.
මේ වන විට 33 හැවිරිදි වියේ පසුවන වෙයින්, පිරිමි සතකු වන අතර යහපත් සෞඛ්‍ය තත්ත්වයන් ද පසු වෙයි. සාමාන්‍යයෙන් මෙම සත්ත්වයින්ගේ උපරිම ආයුෂ වසර 25ක් පමණ වන අතර, මේ තාක් කල් ජීවත් වූ එකම Wombat සත්වයා "වෙයින්" බව වාර්තා වේ. මිනිසුන් සමග මිත්‍රශීලී සහ ඔවුන්ගේ ආශ්‍රයට ලැදි සත්වයෙකු ලෙස වෙයින් සංචාරකයින් අතර ඉමහත් ජනප්‍රිය චරිතයකි. ඔහුට හිමි ගිනස් වාර්තා සහතිකය පසුගිය පෙබරවාරි 11 වන දා ඔහු වෙතට පත් කිරීමට ගිනස් කමිටුව කටයුතු කර තිබුණ.