ජපාන සංචරන සීමා ලිහිල් කරන ලෙස ව්‍යාපාරික ප්‍රජාවෙන් ඉල්ලීම්...


කොවිඩ් මර්දනය වෙනුවෙන් දැනට පනවා ඇති ජපාන සංචරණ සීමා...

.

කොවිඩ් මර්දනය වෙනුවෙන් දැනට පනවා ඇති ජපාන සංචරණ සීමා, මීට වඩා තවත් ලිහිල් කළ යුතු බව, ජපානයේ ප්‍රමුඛතම ව්‍යාපාරික සංසදය වන "ජපාන ව්‍යාපාරික සම්මේලනය" ජපාන රජයෙන් පසුගියදා ඉල්ලීමක් කර සිටියේය.

එම සංසදයේ සභාපති, Masakazu Tokura වැඩිදුරටත් මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් පවසා සිටියේ, වර්තමාන රජය රටට ඇතුළු වීම දිනකට 3000 සිට 5000 දක්වා වැඩි කරන ලද නමුත් එය ව්‍යාපාර ප්‍රවනතා වර්ධනය කිරීම සඳහා කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බවයි. තවද, කොවිඩ් පැතිරයාම වැළැක්වීම යන කාරණය සම්බන්ධව ජීව විද්‍යාත්මකව සෘජු සම්බන්ධයක්, රටට ඇතුලුවීම සීමා කිරීම තුල නොමැති බවත් එම නිසා, ජපාන ආර්ථිකය නංවා ආයෝජකයින් වැඩිපුර ගෙන්වා ගැනීමට පවතින සීමා තවත් ලිහිල් කළ යුතු බව එම සංසදය අවධාරණය කර සිටී.

156 Views

Comments